‘දිට්වා’ සුළි කුණාටුව අපේ රටේ මිනිසුන්ගේ ජීවිත පමණක් නොව දේපළත් රැගෙන ගියා.
අදටත් නිවසක් නොමැතිව ජීවත් වන පිරිස තවමත් අවතැන් කඳවුරුවල.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් එලෙස පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද ආරම්භ වනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
“රිබිල්ඩින් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්‍ද්‍ර කර ගනිමින්.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පිරිස් වෙත නිවාස ලබාදෙන්නේ අනුරාධපුරයේ සහ කුරුණෑගලට විතරද? වැඩිම හානියක් සිදුවූ මහනුවර සහ බදුල්ලේ ජනතාවට නිවාස ලබාදෙන්නේ නැද්ද? අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගණය සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය සහ රීදිගම දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන් අද දින පැවැත්වෙනු ඇති.




