‘දිට්වා’ සුළි කුණාටුවෙන් එලෙස පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද ආරම්භ වුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
“රිබිල්ඩින් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්‍ද්‍ර කර ගනිමින්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසුවේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ජනතාව අත්නොහැර රටද ගොඩනගන බවයි.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස 20,000ක් පමණ ඉදිකිරීමට ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගණය සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය සහ රීදිගම දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇති.




