දිට්වා සුළි කුණාටුව ඇවිත් ගියත් පීඩාවට පත්වූවන්ගේ ප්‍රශ්නය තවමත් අවසන් වී නැහැ.

ඇතැම් ප්‍රදේශවල නිවාස අහිමි වූ පුද්ගලයින්ට තවමත් නිවාසයක් හිමි වී නැහැ.

ආපදාවට ලක්වූවන්ට සහන ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුව තිබුණා. ආපදා සහන බෙදීම දැන් කොහොමද?

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා. මෙතෙක් මුදල් නොගෙවූ නිවාස සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා.

මේ අතර, ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසිමට ද ආණ්ඩුව නව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.