ගල්කිරියාගම පොලිස් වසමේ උස්සාන ප්‍රදේශයේදී පිරිමි ළමයෙකු අමුණක දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12 ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය ළමයා පන්සල් යාම සඳහා අමුණේ මල් නෙලීමට යාමේදී දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි ගල්කිරියාගම පොලිසිය සඳහන් කර සිටියේ

ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.