ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අද දිනයේද ක්‍රියාත්මක වනවා.

ඒ, සිව්වන දිනටයි. පසුගිය දින තුන පුරා විශාල පිරිසක් අභ්‍යාස පොත් ඇතුලු පාසල් උපකරණ රැසක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරමින් මෙම වැඩසටහනට සිය දායකත්වය එක් කළා.

තවත් බොහෝ පාර්ශවයක් මෙම වැඩසටහන සමගින් එක්වීමට සූදානම්ව සිටීම හේතුවෙන් අද දිනයේද දිවයින පුරා පිහිටි ස්ථාන රැසකදී දිරිය නෙත් නැණ සවිය සමාජ සත්කාරක වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දිරිය නෙත් ව්‍යාපෘති සභාපති සුනිල් ශාන්ත මහතා.

මෙම වැඩසටහන සඳහා අද දිනයේදී පරිත්‍යාග භාර දිය හැකි ස්ථාන පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.