බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 36දී ද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

උතුරු පළාතේත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක 07 කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර තිබෙනවා.

ඒ, හෙට පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදියි.

එලෙස නානනෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රන්නපුර යන දිස්ත්‍රික්කවලටයි.