Published
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන් තොටුපොල උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු සන්තකයේ තිබී දුම්වැටි 12,000 ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




