විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හය වසර දරුවන්ගේ දෙමව්පිය එකමුතුව අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා. එහිදී කල් දැමූ හය ශ්‍රේණිය මොඩියුල ක්‍රමයට අදාල යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා දැනුවත් කළ බවයි එම සංගමයේ නියෝජිතයින් පැවසුවේ.
මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතුවලදී සාහිත්‍ය, කලාව සහ ඉතිහාසය විෂයන් ඉවත් නොකරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවා.
කෙසේවෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
මේ අතර හය ශ්‍රේණිය මොඩියුල ක්‍රමය මෙම වසරේම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ගාල්ල ගුරු දෙමව්පිය එකමුතුව ආරම්භ කළ සත්‍යග්‍රහය පස්වන දිනටත් අද පැවැත්වුණා.




