පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවිින්ද ජයවර්ධන මහතා අද දින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවි තිබෙනවා.
ඒ ඉන්දියානු නිවසේදීයි. ( indian house )
එහිදී දොස්තර කවින්ද ජයවර්ධන මහතා විසින් දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලංකාවට සිදු වූ විශාල හානිය පිළිබඳවත්, එම අවස්ථාවේදී ඉන්දීය රජය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා, ඉන්දීය ජනතාවත්, ලංකාවට ලබා දුන් ඉමහත් සේවය ඇගයීමට ලක් කර සිටියා.
එහිදී විශේෂයෙන්ම ආපදාවට ලක් වූ ජනතාව සඳහා ලබා දුන් අත්‍යවශ්‍ය සේවා , අත්‍යවශ්‍ය උපකරණ, වියළි ආහාර, ඖෂධ , මහා මාර්ග පිළිසකර කිරීම හා පාලම් ලබාදීම, දුම්රිය මාර්ග පිළිසකර ජනතා අයිතියට පත් කිරීම, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මූල්‍ය පහසුකම් හා ශ්‍රම දායකත්වය ලබාදීම ඉන්දීය රජයේ කටයුතු කළ බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවේ සඳහන් කර සිටියා.
තවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා විසින් ලංකාවට පැමිණ ඩොලර් මිලියන 450ක් ලබාදීමට කටයුතු කල බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවිින්ද ජයවර්ධන මහතා සඳහන් කර ස්ටියා.
ඉන්දීය රජය විසින් ලංකාවට ලබා දුන් සෑම සහයෝගයකටම ස්තුතිය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා විසින් ශ්‍රී නරේන්ද්‍ර මෝධි අග්‍රාමාත්‍යතුමන් හට ලබාදීමට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මතතා හට ලිපියක් ලබා දෙනු ලැබුවා.
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර දීර්ඝ කාලීනව පවතින්නා වූ අන්‍යෝන්‍ය සබඳතා හිතවත්කම් පිළිබඳවත්, ඉන්දියාව විසින් තවදුරටත් ලංකාවට ලබාදෙන්නාවූ සහයෝගය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුනා.
එහිදී ඉන්දීය වෛද්‍යවරුන් සහ ඉන්දියානු හෙද කාර්ය මණ්ඩලයේ විසින් ලබාදුන් සේවය පිළිබඳව ස්තුතිය ඉන්දියානු මහ කොමසාරිස්වරයා හට පුද කිරීමට දොස්තර කවිින්ද ජයවර්ධන මහතා විසින් කටයුතු කරනු ලැබුවා.





