Published
නැවත දැනුම්දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
ඒ, ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන්.
කාලගුණික තත්ත්වය පිළිබඳ නිකුත් කරන අවදානම් නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය දැනුම් දුන්නේ.




