නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අද වන් පුර පසළොස්වක පොහෝ දිනක සිදුව තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොල්ගස්ඕවිට, සියඹලාගොඩ සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක, කොළඹ මහානාම විද්‍යාලයේ සහකාර විදුහල්පති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන්.

බෞද්ධ දර්ශනයට අනුව සිය ජීවිත හැඩගන්වා ගැනීමට අද වන් පොහෝ දිනක අදිටන් කර ගන්නා ලෙසයි උන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර නවම් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ “ශ්වේත පූජා” සජීවී වැඩසටහන අද දවස පුරා ගම්පහ, උඩුගම්පොළ, සීදූව පාරේ ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්