නව පාසල් වාරය අද ආරම්භ වනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මහත් ආන්දෝලනයට තුඩු දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම පාසල් වාරය තුළදී ආරම්භ වීමයි.

පළමු ශ්‍රේණියට සහ 06 ශ්‍රේණියට නව විෂය මාලා හඳුන්වා දීමට නියමිතව තිබුනද මෙම පාසල් වාරයේදී ක්‍රියාත්මක වන්නේ පළමු ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණයි.

06 ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවත් වසරකින් කල් දැමීමටයි ආණ්ඩුව තීරණය කළේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියට පමණක් සීමා වෙයිද? මේ, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

පාර්ලිමේන්තුවේදීත් ආණ්ඩුව පාර්ශවයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අදහස් පළ කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙට විශේෂ විවාදයක්ද පැවැත්වීමට නියමිතයි.