Published
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට ඇත්තේ උණුසුම් කතාබහක්.
එක සහ හය ශ්‍රේණි වෙනුවෙන් මෙහිදී මෙතෙක් භාවිත කළ පෙළපොත් වෙනුවට මොඩියුලර් 106ක් සකස් කෙරෙනවා.
ඒවා ජනවාරි 21 වනදා වනවිට සියලු පාසල් වෙත බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේවෙතත් ඇතැම් ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් තවමත් පුහුණුවක් ලැබී නොමැති බව වාර්තා වනවා.
ඔවුන් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අදහස් පළ කළා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාල පසුකම් තිබීම අත්‍යවශ්‍යය ද?
දෙවැනි සහ තෙවැනි පාසල් වාරවලට අදාළ මොඩියුලය පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමටයි දැන් තීරණය කර ඇත්තේ.




