Published
නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින්ගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පැවසුවේ.
මෙම පනත් කෙටුම්පත සඳහා මහජන අදහස් හා යෝජනා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් වෙත පෙබරවාරි මස 28 වැනි දින දක්වා යොමු කළ හැකි බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.
එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීය ලෙස සළකා බැලීමෙන් අනතුරුව නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන බවද යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පවසා තිබෙනවා.




