උදාවූ 2026 නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා.

මේ උදාවී ඇත්තේ මෙරට රේඩියෝ ඉතිහාසයේත් නව පිටුවක් පෙරළෙන වසරක ආරම්භයයි. ඒ, රටට පෙරමග කියන ජාතියේ නාලිකාව නෙත් එෆ් එම් අද සිට අලුත් මුහුණුවරකින් ඔබ වෙත සමීප වන නිසායි.

දශක දෙකකටත් වැඩි කාලයක් පුරා විශ්වාසනීයතම පුවත් සපයන්නා ලෙස නොකැලල් ඉතිහාසයක් ගොඩ නැගූ අපි එම විශ්වාසය තවදුරටත් සුරකමින් උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙන එන්නේ උදෑසන 6යි 45ටයි.

ඒ, 2026 අලුත් වසරේ සිට ඔබට තවත් සමීප වීමේ අපේක්‍ෂාවෙන්.

ඒ අනුව රටම අවදි කරන පුවත් පෙළ ගැස්ම නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද සිට සෑම දිනකම උදෑසන 6යි 45ට ප්‍රචාරය වනු ඇති.

උදා වූ නව වසරේ නෙත් රේඩියෝවේ වැඩසටහන් පෙළ ගැස්මද අලුත් මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ පිළිබද තොරතුරු නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත කේ දහනායක මහතාගෙන්.