මෙරට 42 වන විගණකාධිපති ලෙස පත් කෙරුණු එල්.එස්.අයි. ජයරත්න මහත්මිය වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (05) පෙරවරුවේ භාර දෙනු ලැබුවා.
ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපතිවරිය වශයෙන් කටයුතු කළ එල්. එස්. අයි. ජයරත්න මහත්මිය මෙම තනතුරට පත් කිරීමට පසුගිය පෙබරවාරි 03 වනදා රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය.
ජයරත්න මහත්මිය මෙරට විගණකාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාව වීමද විශේෂත්වයකි.
මීට පෙර විගණකාධිපති ධුරයෙහි කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුවට ජාතික විගණන කාර්යාලයේ සිටි ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපතිවරිය වූ එල්.එස්.අයි. ජයරත්න මහත්මියගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබ තිබෙනවා.
විගණකාධිපති ධුරයට පත් වූ ජයරත්න මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) ලබා ඇති අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවකි.



