උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු සහ මලින්ද සෙනෙවිරත්න යන මහත්වරු විසින් 2018 වසරේදී ගොනු කරන ලද රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා.
උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වසර හතකට ආසන්න කාලයක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුව, අධිකරණයේ නියෝග කිහිපයක් නොතකා අවසන් කිරීම ප්‍රමාද වී තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා මහතා කියා සිටියේ නඩුව පවත්වාගෙන යෑමට නෛතික පසුබිමක් නොමැති බවයි.
මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා පෙත්සම්කරුවන් මෙම නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවත් ඔහු කියා සිටියා. පෙත්සම්කාර පාර්ශ්වය නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන්, අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කළා.



