රේගුවෙන් නිදහස් කළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ අදාළ බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර මෙම බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවයි.
රේගුවේ බහාලුම් නිදහස් කර ගැනීමට පවතින තදබදය සම්බන්ධයෙන්ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.
පසුගියදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ රේගුව විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු නීති විරෝධි දෙයක් අදාළ බහාලුම් තුළ අන්තර්ගතව නොතිබූ බවයි.
කෙසේවෙතත් සිදු කිරීමට නියමිත විගණනයෙන් පසු එය සනාථ කරගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.