අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් පෙට්‍රල් දමා තම නිවසට ගිනි තබා තිබෙනවා

එම ගින්නට හසුවී එම පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

අද අලුයම ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇති අතර

ගින්නෙන් ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ

ගින්නට හසුවූ ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ බිරිඳගේ මව පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.