කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයෙකුට හලාවත මහාධිකරණ විසින් වසර පහයි මාස හයක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද නියම කරන බවයි හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය නියෝග කළේ.

සැකකාාර නීතිඥවරයා විසින් එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස දෙකක ලිහිල් සිර දඩුවමක්ද නියම කරන ලෙසට විනිසුරුවරිය නියෝග කළා.

මහාධිකරණ විනිසුරුවරිය විසින් එලෙස දඩුවම් නියම කළේ මාරවිල - කටුනේරිය ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකුටයි. 1994 සැප්තැම්බර් මස 01 වනදා සහ 1994 දෙසැම්බර් මස 21 වනදා කාන්තාවකගෙන් හිස් තැන් නොපුරවන ලද කොළවලට අත්සන් ලබා ගෙන පසුව කූඨ ලේඛණ සකස් කර ඉඩම් ලියාපදිංචිකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකාර නීතිඥවරයාට එරෙහිව අධි චෝදනා ගොණු කර තිබෙනවා.

ඒ අනුව 2003 ජනවාරි මස 18 වනදා සිට මෙම නඩුකරය හලාවත මහාධිකරණය හමුවේ වරින් වර කැදවනු ලැබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.