නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කහ සහ ආලේපන තොගයක් සමග සැකකරුවෙකු මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 950ක් සහ රූපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා ආලේපන ඇසුරුම් 2,562ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මාලිගාවත්ත, බෝධිරාජාරාම පාර ප්‍රදේශයේදී ගජමුතුවක් සන්තකව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.