සජීවී විසිතුරු පැළ තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ, ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්. සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මෙම විසිතුරු පැළ තොගය තායිලන්තයේ බැංකොක් නුවර සිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

වලංගු ආනයන බලපත්‍රයක් හෝ සෞඛ්‍ය ආරක්ෂණ බලපත්‍රයක් ලබා නොගෙන සැකකරු විසින් සිය ගමන් මල්ල තුළ සගවා මෙම පැල තොගය දිවයිනට රැගෙනවිත් තිබූ බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

මෙම විසිතුරු පැළ තොගය රාජසන්තක කර, ඒවා රට තුළට ඇතුළු වීමෙන් සිදු විය හැකි හානි අවම කිරීම සදහා විනාශ කර දැමීමට, කටුනායක ශාක නීරෝධායන ආයතනය වෙත භාර දී තිබෙනවා.