Published
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ශ්රී ලාංකික යුවළක් කටුනායක ගුවන් තොටුපොල රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම යුවළ අදාළ දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔවුන් දෙදෙනා කොළඹ ප්රදේශයේ පදිංචි ව්යාපාරික කටයුතුවල නිරත විවාහක යුවළක් වනවා.
ඩුබායි සිට පැමිණි එම යුවළ සන්තකයේ තිබූ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.




