නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් තවත් සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කෝපායි පොලිස් වසමේ කරන්දන් පාර ප්‍රදේශයේ පුද්ගලික ගබඩා සංකීර්ණයක සිදුකළ වැටලීමකදි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එහි තිබී නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 4240 ක් අඩංගු බැරල් 24ක්, පෙට්‍රල් ලිටර් 840 ක් අඩංගු බැරල් 05 ක් සහ භූමිතෙල් ලීටර් 390 ක් අඩංගු බැරල් 02 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ තෝප්පුකාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර මහරගම - පමුණුව, නිට්ටඹුව - කම්මල්පිටිය, නෝර්වුඩ් -වෙන්චර්වත්ත, මිනුවන්ගොඩ - කීනගහලන්ද ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සිටි සැකකරුවන් කිහිප දෙනෙකු මීට පෙරද දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.




