Published
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව පවත්වන නේත්රාලෝක පොසොන් උදානය මෙවර තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
ඊට සමගාමීව ධර්ම දේශනා මාලාවක්, ශ්වේත පූජා පොහෝදා පිංකම් වැඩසටහන, තිස්සමහාරාම පෙරහැර ආදී අංග රාශියක් පැවැත්වීමටයි සංවිධාන කර ඇත්තේ.
එමෙන්ම නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ජූනි 08, 09 සහ 10 යන දිනවලදී පැවැත්වෙනවා.
එම පිංකම් මාලාව පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපත, ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමිපාණන් වහන්සේ.