Published
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටය අද සිට ආරම්භ වනවා.
සුපිරි 8 දෙනාගේ තරග වටයේදී කණ්ඩායම් 08ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.
පළමු කාණ්ඩයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ යන කණ්ඩායම් ඇතුළත්.
දෙවන කාණ්ඩයට අයත් රටවල් වන්නේ ශ්‍රී ලංකාව, පකිස්ථානය, නවසීලන්තය හා එංගලන්තයයි.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ පළමු තරගය පැවැත්වෙන්නේ පකිස්ථානය හා නවසීලන්තය අතරයි.
මෙම තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට පැවැත්වෙන්නේ එංගලන්තයට එරෙහිවයි.
මේ අතර මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
එහිදී ඕමානය පරාජයට පත් කිරීමට ඔස්ටේ්රලියාව සමත් වුණා.




