Published
පරිගණක මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි 1,800ක් පමණ පසුගිය වසරේදී ලැබී ඇති බව පොලීසිය පවසනවා.
එම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින් 412 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
බැංකු ගිණුම්, ධඔඡ අංක සහ අනෙකුත් තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.
වැඩිහිටියන් සහ පරිගණක දැනුම නොමැති පුද්ගලයන් මෙවැනි වංචාවලට හසු කර ගැනීමට වංචනික පුද්ගලයින් උත්සහ දරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.




