පවතින තත්ත්වය හමුවේ අද දිනය පාසල් හා රාජ්‍ය අයතනවලට නිවාඩු හිමිවනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ සියලුම පාසල් සතියට දින හතරක් පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම, නැවත දැනුම්දෙන තෙක් සියලුම බදාදා දිනයක්ම පාසල් නිවාඩු දිනයක් සේ සලකනු ඇති.

එමෙන්ම, රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ද ඊයේ චක්‍රලේඛයක් නිකුත් කළා.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ට සෑම සතියකම බදාදා දිනයේ දී ලබාදුන් නිවාඩුව හේතුවෙන් එම රාජකාරී කටයුතු සතියේ අඟහරුවාදා දිනට යොදාගත යුතු බව එහි සදහන්.

මේ අතර, අද සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවය සීමා කිරීමට තීරණයක් ගෙන ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවසුවේ.

අද දිනයේ පාර්ලිමේන්තුව ද රැස් වන්නේ නැහැ.