දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාව විපක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මේ අතර, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇසූ ප්‍රශ්නයකට අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද පිළිතුරු ලබා දුන්නා.
මේ අතර, ස්ථාවර නියෝග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයක් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
පසුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට මැදිහත් විමත් සමග සභාව වඩාත් උණුසුම් වුණා.




