Published
මෙම වසරේ පළමු දින 22 තුළ සංචාරකයින් එක් ලක්ෂ අනූ හතර දහස් පන්සිය පනස් තුන් දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම කාලසීමාව තුළ එක් දිනක වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 15 වන දින වාර්තා වී ඇති අතර එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බවයි එම අධිකාරිය පැවසුවේ.
ගතවූ දින 22 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
එම සංඛ්‍යාව 35,177ක්. රුසියාවෙන් 19,930 දෙනකු, එංගලන්තයෙන් 19,893 දෙනකු සහ ජර්මනියෙන් 12,822 දෙනකු එම කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.




