Published
සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන පුද්ගලයින්ගෙන් බන්ධනාගාර නිලධාරින් වෙත තවදුරටත් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින බව අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
මේ වනවිටත් පාතාල කල්ලි සාමාජිකයින් මර්ධනය කරමින් ඇති බැවින් යළිත් ඔවුන්ට රට තුළ අපරාධ සිදු කිරීමට ඉඩක් ලබා නොදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් දිගින් දිගටම අත්අඩංගුවට පත්වීම තුළින් බන්ධනාගාරවල ද දැඩි තදබදයක් ඇති වී ඇති බව අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.




