පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම නීත්‍යනුකූල නොවන අයුරින් සිදුව ඇත ිබව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
කොළධ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
මේ අතර, පසුගියදා වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ජ්‍යේෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි කිරීමට සූදානම් වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ඔහු විසින් අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන වලට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවයි වාර්තා වුණේ.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දෙවැනි ජ්‍යෙෂ්ඨම නිලධරයා වන තමන්ට එරෙහිව චෝදනාවක් තිබේ නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමන්ටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබු නමුත් එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්මය පවා කථානායකවරයා විසින් කඩ කර ඇති බවද අදාළ පැමිණිල්ලේ සඳහන් ව ඇති බවයි පැවසෙන්නේ.
මෙරට ප්රවිණතම ජනාධිපති නීතිඥ මඩුල්ලක් විසින් චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් එම පැමිණිලි සකස් කරමින් සිටින බවද වාර්තා වනවා.
ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයෙහි මීට අදාලව නඩුවක් ගොනු කිරීමටත් එම නීතිඥ පිරිස අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.




