මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසැල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලියක් නැරඹීම සදහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සිසුන් දෙදෙනෙකු රිය අනතුරට ලක්ව එක් සිසුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ අනෙක් සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

නුවර - දිගන ප්‍රධාන මාර්ගයේ පල්ලේකැලේ යුද හමුදා කදවුර ඉදිරිපිටදී එම අනතුර සිදුව තිබෙනවා.

සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය බස් රථයක ගැටි එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක්.