මෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බැවින් පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොර ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් කර තිබෙනවා.
සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින් වෙත එම දැනුම්දීම සිදුකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම වසරේ මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසු වන දරුවන් බවට සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ
ඒ අනුව සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, පිරිවෙන්වල පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් දැනුම්දී තිබෙනවා.
සියලු පාසල් පරිශ්‍ර මදුරුවන් බෝ නොවන ලෙස පවත්වාගෙන යාම සඳහා පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි පාසල් මගින් සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසයි අධ්‍යාපනය අමාත්‍යංශය අධ්‍යාපන බලධාරින් වෙත දැනුම්දී ඇත්තේ.