පාසල්වල කාලය දීර්ඝ කිරීම මේ දිනවල උණුසුම් මාතෘකාවක්. ඇතැම් පාර්ශ්ව එම යෝජනාවට විරෝධය පළ කරද්දී තවත් පිරිස් ඊට සුබවාදී අදහස් පළ කරනවා. පාසල්වල කාලය දීර්ඝ කිරීම සිදුවන්නේ කෙසේද? මේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සමග ඒ සම්බන්ධයෙන් කළ කතාබහක්.
මේ අතර 2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව සිංහල හා දෙමළ පාසැල් වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා දිනයේ ආරම්භ වීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 24 වන සඳුදා දින ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.
2026 වර්ෂයේ සිට නව අධ්‍යාපනය මොඩියුලය ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ප්‍රමාණවත් පහසුකම් තිබේද?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ 01 සහ 06 ශ්‍රේණිවලට පමණද?




