Published
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව මාර්තු 23 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මීට පෙර මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර අධිකරණයට පැමිණ සිටියා.




