පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීම සම්බන්ධයෙන්  ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්   කළ නියෝගය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
කෙසේ වෙතත් නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අදාළ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බවත් විනිසුරු මඩුල්ල පැවසුවා.