පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමටත්, පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

එමෙන්ම ගුරු පුහුණුව ක්‍රමාණුකූලව පවත්වා ගැනීමට හා ගුණාත්මකභාවය තහවුරු කිරීමට ද පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන අරලියගහ මන්දිරයේදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, යුනිසෙෆ් ආයතනය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එක්ව එම ජාතික වැඩසටහන සකස් කර තිබෙනවා.