පොහොර හිඟයක් මහා පෑමට උත්සහ දරන පුද්ගලයින්ට සහ වැඩි මිලට පොහොර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ලෝක වෙළඳපොළේ පොහොර මිල ගණන් මේ වන විට ඉහළ ගොස් තිබුණද මෙරටට කලින් ආනයනය කළ පොහොර තොග විශාල ප්‍රමාණයක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේවෙතත් වැඩි මිලට හෝ පොහොර ලබා දීමට නොහැකි බවට ගොවීන්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙලෙස අදහස් දැක්වූවා.