විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර‘ගේ ඥාතියෙකුගේ ජාඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බටුවත්තේ චාමරගේ දෙවන බිරිදගේ මවට අයත් නිවසකට බවයි පොලීසිය පැවසුවේ.
වෛද්‍යවරයෙකු විසින් කුලි පදනම මත ලබාගෙන ඇති එම නිවසේ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන බව වාර්තා වුණා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද අලුයම එම නිවසට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු රැදි සිට තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැහැ.
වෙඩි ප්‍රහාරවලින් එම ඉඩමෙහි නවතා තිබූ මෝටර් රථයකට සහ ජනේලයකට හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම ස්ථානයේ තිබී ටී 56 හිස් පතුරම් කොපු 21 ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ජාඇළ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




