බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කල ද රාජ්‍ය ආයතන සදහා දැනුම් දී ඇති බලශක්ති චක්‍රලේඛ අවලංගු කිරීමක් සිදු නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.

ඒ අනුව  බලශක්ති සම්බන්ධයේන නිකුත් කළ මාර්ගෝපදේශ එලෙසම ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.

ඔහු කියා සිටියේ කාලගුණය සම්බන්ධයෙන් පුරෝකතනය කල නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි.

මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමටයි තීරණය කෙරුණේ.

ඒ අනුව හෙට එනම් 8 වෙනි බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මීට පෙර නිකුත් කළ මාර්ගෝපදේශද එලෙසම ක්‍රියාත්මක බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පැවසුවා.