බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා.

ඒ, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දින දෙකේදී ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

ඔහුට අද දිනයේ ද එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.