වැඩබලන බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් හා මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යේෂ්ඨ බන්ධනාගාර අධිකාරි ඒ සී ගජනායක මහතා පත් කිරීමට නිර්දේශ වී තිබෙනවා.
ඒ අනුව එම පත්කිරීමට අදාළ ලිපිය අද දිනයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා විසින් ගජනායක මහතා වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වුණේ.
ගජනායක මහතා බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයා ලෙස මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත හා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කල ජගත් වීරසිංහ මහතා ඊයේ දිනයේ සිට විශ්‍රාම ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර නව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කල ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කර තිබෙනවා.
ඔහු මීට පෙර පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයා ලෙස කටයුතු කළ බවයි ගුවන් හමුදාව පැවසුවේ.
මීට පෙර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ගෲප් කැප්ටන් එරන්ද ගීගනගෙ මහතා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු, අධ්යක්ෂ ලෙස පත් කර තිබෙනවා.




