මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කර බස් රථ ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමේ විශේෂ මෙහෙයුම් දීප ව්‍යාප්තව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී පී ජේ සේනාධීර මහතා පැවසුවේ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළ අංගනයේ ඊයේ සිදු කළ හදිසි පරික්‍ෂාවේදී රියදුරන් 59 දෙනෙකුගෙන් 10 දෙනෙකු විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව අනාවරණ වූ බවයි.

බස් රථ හිමිකරුවන් තම බස් රථවල රියදුරන් සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.