මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා බස් හිමියන්ට දැනුම් දෙන්නේ කිසිම ආකාරයකට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රියදුරන් සේවයට යොදා නොගන්නා ලෙසයි.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අතිරේක ජංගම රසායනාගාර දෙකක් එක්කර ගැනීමට තීරණය කර තිබෙනවා.