අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සන්දනම්කුලම ගම්මානයේ පෙරපාසැල් දරුවන් 22කට පමණ සිය අධ්‍යාපන කටයුතු අහිමි කරමින් එම පෙරපාසැල වසා ගොඩනැගිල්ල බිම්මල් නිෂ්පාදනයට යොදා ගෙන තිබෙනවා.

කඳුපාගම, කට්ටමුරිච්චාන හා සන්දනම්කුලම ඇතුළු ගම්මාන රැසක දුවාදරුවන්ගේ මූලික අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම පෙරපාසැල පවත්වාගෙන ගොස් තිබුණා.

මීට කලකට ඉහතදි තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම පෙරපාසැල සදහා වූ ඉඩම් කොටස වෙන්කර රජයේ ප්‍රතිපාදන රුපියල් ලක්ෂ ගණනක් ද වෙන්කර දුන් බව දෙමව්පියන් පෙන්වා දෙනවා.

ඒ අඳහා අවශ්‍ය දෙමාපිය දායකත්වය යටතේ මෙම පෙරපාසැල් මෙම ගොඩනැගිල්ල ඉදිකර කළ බවද ඔවුන් පැවසුවා.

නීත්‍යාණුකූලව මෙතෙක් පවත්වාගෙන ආ එම පෙරපාසැල ඉකුත් දෙසැම්බරයේ සිට වසා දමා එහි තිබූ දරුවන්ගේ පොත්පත් හා ඉගෙනුම් උපකරණ ද එම ගොඩ නැගිල්ලෙන් ඉවත් කර එම ගොඩනැගිල්ල බිම්මල් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ මෙම බිම්මල් ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.