බගවන්තලාව පොලිස් ස්ථානයේ බැරැක්කියේ නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් පොලිස් නිලධාරියෙකු තියුණු ආයුධකින් පහරදී තිබෙනවා.
බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අධික ලෙස බීමත්ව සිට ඇති එම පොලිස් නිලධාරින් දෙදෙනා අතර පොලිස් ස්ථානය තුලදී බහින්බස් වීමක් සිදු වී තිබෙනවා.
පසුව පොලිස් කොස්තාපල්වරයා නිදා සිටියදී අනෙක් පොලිස් නිලධාරියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තියුණු ආයුධයකින් පහරදුන් සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් කොට්ටාස භාර ජේ්යෂ්ඨ පොලිස් අධිකාරි ප්රදීප් වීරසේකර මහතා පැවසුවා.
මේ අතර මැණික් ජාවාරම්කරුවන් සමග සෘජු සබදතා පවත්වන බගවන්තලාව පොලිසියේ ඇතැම් නිලධාරින් රාත්රි කාලයේදී අධික ලෙස බීමත්ව සිටින බවට ප්රදේශවාසීන් චෝදනා කරනවා.
ප්රදේශවාසීන් නගන එම චෝදනා සම්බන්ධයෙන්ද විධිමත් පරික්ෂණයක් පවත්වන බවයි ජේ්යෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවේ.




