හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 18 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මත්කුඩු උවදුර වර්තමානයේ තරුණ ප්‍රජාව බිලිගන්නා ප්‍රධාන උවදුරක් බවට පත්වී ඇති බවත් එබැවින් මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය පැවසුවා.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි දෙ දරු මවකට මෙසේ දඬුවම් නියම වුණා.

දීර්ඝ විභාගයකින් අනතුරුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බවයි.

ඒ අනුව විත්තිකාරියට මෙම දඩුවම නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.