පංචිකාවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණියක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිටකොටුව පොලීසිය පැවසුවේ සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 934 යි මිලිග්‍රෑම් 575ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 710 යි මිලිග්‍රෑම් 603ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 යි මිලිග්‍රෑම් 575 ක් සහ මත්පෙති 300 ක් සොයාගත් බවයි.
එමෙන්ම විද්්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් අට ලක්ෂ පනස් නව දහස් හත්සිය තිහක මුදලක්, මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක් සහ ජංගම දුරකතන 6 ක් ද එහිදී සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවා.
මේ අතර කැප්පෙටිපොල, බැලුම්ගල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කැප්පෙටිපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ රථ වාහන පරීක්ෂාවකදීයි.
එහිදී මෝටර් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 245 ක් සහ හෙරොයින් ග්‍රෑම් 206 ක සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
මෝටර් රථය පැදවූ තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු එම මෝටර් රථයෙන් විවිධ ප්‍රදේශවලට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.
සිය ජාවාරම සදහා සමාජ මාධ්‍ය ජාලා මෘදුකාංග ද උපයෝගී කර ගන්නා බව සැකකරු එහිදී පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් පසුපස හඹාගොස් එය නවතා සිදුකළ පරීක්ෂාවකදී එහි ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 35 යි ග්‍රෑම් 370 ක් සමග රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුනරීන්, මන්දකල්ආරු පාලම අසල මාර්ග බාධකයේ රාජකාරී සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉළුප්පුකඩවායි කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ ලොරිය නතර කරන ලෙසට දැනුම් දී තිබූ බවයි පොලීසිය පැවසුවේ.
එහිදී අණ නොතකා ධාවනය වූ එම ලොරි රථය ජයපුරම් හන්දිය අසලදී නතර කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ජයපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
මේ අතර බලපත්‍ර නොමැතිව ගංජා මිශ්‍ර මදනමෝදක පැකට් 63,000 කට අධික තොගයක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පැවසුවා.
ඒ, තඹුත්තේගම වෙළදසැල් දෙකක සිදුකළ පරීක්ෂාවකදීයි.
වැලිකඩ පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී හදුනා නොගත් මත් කරල් 2,600ක් සන්තකව සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔබේසේකරපුර සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල පදිංචිකාරිණියන් දෙදෙනෙක්.
මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් එක් ලක්ෂ 14,000 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ.




