ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදි ගංජා කිලෝ 3යි ග්‍රැම් 788 ක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාායේ බුත්තල කදවුරේ නිලධාරින් කණ්ඩායම්ක් සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ග්‍රෑන්ඩ්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 150ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ නව කැලණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.